මාලිටත් අබිමන් ගෙනා මතීෂ පතිරණ

January 31, 2023

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීග් තරගාවලිය සඳහා සහභාගිවූ යොවුන් වේග පන්දු යවන මතීෂ පතිරණ අවසන් පන්දුවාරය පිළිබඳව ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ දැඩි අවධානයකට ලක්ව තිබුණා.

Dubai Capitals ක්‍රීඩකයින්ට ජයග්‍රහණය සදහා අවසන් පන්දුවාරය තුළදී ලකුණු 23ක් රැස් කිරීමට නියමිතව තිබුණත් මහීශගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුනට ලබා ගත හැකි වුණේ ලකුණු 6ක්‌ පමණයි අවසානයේ ටොම් කරන් සහ මතීෂ පතිරණගේ මේ විශිෂ්ඨ පන්දු යැවීම නිසාවෙන් Desert Vipers ක්‍රීඩකයින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් විය. මෙහිදී විස්තර විචාරයේ දී සිටි සයිමන් ඩූල් මහතා වසීම් අක්‍රම් මහතා මතිෂ ගැන අදහස් පළකර තිබුනේ මෙලෙසින් ,

” ලසිත් මාලිංග නම් විශිෂ්ඨයා මතීෂ පතිරණ යැවූ අවසන් පන්දුවාරය දැක බොහෝ සෙයින් සතුටු වෙනු ඇති…” ඊට පිළිතුරු දුන් වසීම් අක්‍රම් : ” ඔව්… ඔහු අනිවාර්යයෙන්ම ආඩම්බර වේවී.. මමත් ගොඩාක් ආඩම්බර වෙනවා. මේ තරුණ ක්‍රීඩකයා පීඩනය යටතේ ඒ පන්දුවාරය ක්‍රියාත්මක කල ආකාරය ගැන..”

t

o

p