ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන හරිත වල්ගාතරුව තව දින දෙකකින් පෘථිවිය දෙසට

January 30, 2023

ජීවිතයේ එක් වරක් පමණක් දක්නට ලැබෙන දුර්ලභ හරිත වල්ගාතරුව පෙබරවාරි (01) පෘථිවියට ඉතාමත් සමීප වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සී 2022 ඊ ත්‍රී හෙවත් ඉසෙඩ් ටී එෆ් නම් මෙම වල්ගා තරුව මීට වසර 50,000 කට පෙර අවසන් වරට දර්ශනය වූයේ නියැන්ඩතාල් මානවයාගේ අවසන් කාලවකවානුවේදියි.

මෙම දීප්තිමත් කොළ පැහැති වල්ගාතරුව පෙබරවාරි 1 සහ පෙබරවාරි 2 වනදා පෘථිවියට කිලෝමීටර මිලියන 45 ක් දුරින් පිහිටන අතර, එය දක්ෂිණ ධ්‍රැවයේදී දුරේක්ෂයක ආධාරයෙන් දැකබලා ගත හැකියාව පවතියි.

මෙම වල්ගාතරුව මේ වනවිට අප සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන් කරමින් පවතින බව ද සඳහන්.

බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් රාජකීය නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥ ආචාර්ය ග්‍රෙග් බ්‍රවුන් පවසන්නේ මෙම හරිත වල්ගාතරුව යළි වසර 50,000 කින්වත් යළි දර්ශනය නොවනු ඇති බවයි.

t

o

p