ඩොලර් මිලියන 2,500ක ඉතිරියක්

January 27, 2023

ඇතැම් භාණ්ඩ ආනයනය අත්හිටුවීම හේතුවෙන් මාස 6ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

අර්බුද මැද පසුගිය වසරේ සියයට 50ක ආදායමක් රේගුව විසින් ඉපයූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

t

o

p