ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

January 26, 2023

2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.

ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ.

ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ 153 කි.

හම්බන්තොට සහ රත්නපුරය දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 150 ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, අම්පාර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 148 ක් බවයි.

සිංහල මාධ්‍යයෙන් නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණ 147 කි.

මන්නාරම, වව්නියාව සහ මුලතිව් සඳහා වන කඩඉම් ලකුණ 145 යි.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනි දින පැවති ශිෂ්‍යත්ව විභාගයේ කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳව නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේ නම් ලබන මස 28 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

t

o

p