විදුලිබල ලේකම් සහ උපයෝගීතා කොමිසමේ සභාපති අද මානව හිමිකම් කොමිසම හමුවට

January 25, 2023

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ අනුව අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇති බවයි එම කොමිසම සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි මස 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ඉකුත් 23 වනදා මානව හිමිකම් කොමිසම එම නිලධාරීන් වෙත ලිපියකින් දැනුම් දෙන ලදි.

එහෙත්, ඊට අදාළව කිසිඳු පියවරක් ගෙන නොමැති බව නිරීක්ෂණය වූ බැවින් ඒ පිළිබඳ විමසීම සඳහා අදාළ නිලධාරීන් සිය කොමිසම වෙත කැඳවන බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කළේ.

t

o

p