තවත් බස් රථයක් පෙරළීමෙන් 20කට තුවාලයි

January 21, 2023

පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, උනගල සිට මඩොල්කැළේ හරහා පන්විල දෙසට ධාවනය වූ බස් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඊයේ (20) පස්වරුවේ පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව ය.

තුවාලකරුවන් අතරට කාන්තාවන් 16 දෙනෙකු ඇතුළත් වන අතර බරපතල තත්ත්වයේ පසු වූ 08 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබේ.

t

o

p