පළමු පාසල් වාරයට පෙර ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නවා – සුසිල් ප්‍රේමජයන්ත

January 18, 2023

පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර මෙරට ගුරු සේවය සඳහා උපාධිධාරීන් හා විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරීන් ලෙස ගුරුවරුන් 34,000ක් බඳවා ගන්නා බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) අවධාරණය කළේය.

රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් හා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 8000ක්ද වශයෙන් මේ පිරිස බඳවා ගන්නා බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලද වහාම, දැනට රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමේ නිවේදනය නිකුත් කරන බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක බඳවා ගැනීම් සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අනුමැතිය අවශ්‍ය බවත් එම අනුමැතිය ලද වහාම රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් 26,000ක් ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ නිවේදන නිකුත් කරන බවත් ඇමැතිවරයා කීය. එම බඳවා ගැනීම් 2023 වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන මාර්තු 27 වැනිදාට පෙර සිදු කරන බවත් ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම විද්‍යා පීඨවලින් පිටමං වූ ඩිප්ලෝමාධාරීන් 8000ක්ද බඳවා ගන්නා අතර මේ පිරිස බඳවා ගැනීම තුළින් මේ වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර ගුරු තුලනය සිදු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

t

o

p