ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වාගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

January 16, 2023

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන අතර අන්තර් සම්බන්ධතාවක් පවත්වාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) මධුර විතානගේ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) මධුර විතානගේ මහතා මේ බව සඳහන් කළේ ‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී ය.

මෙම කමිටුව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසුකිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධන බලකායන් 8 ක් නියෝජනය කරමින් නිලධාරීන් පැමිණ සිටි අතර ඔවුහු ඉදිරිපත්කිරීම් සහිතව (Presentations) ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකය ඉහළ නැංවීමට අදාළ ගැටලු සහ යෝජනා පෙන්වා දෙන ලදි.

මෙහිදී ප්‍රධාන වශයෙන් ව්‍යාපාර සම්බන්ධයෙන් මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු සහ ඉඩම් ඇතුළු දේපළ ලියාපදිංචියට අදාළ ක්ෂේත්‍රවල කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර මේ පිළිබඳව කමිටුවේ අදහස වූයේ අදාළ ක්ෂේත්‍ර වල කටයුතු කිරීමේදී මාර්ගගත තාක්ෂණය (Online) යොදාගැනීමෙන් එම කටයුතු වල කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බවයි. එසේම නව ව්‍යාපාර ආරම්භ කිරීම සහ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මහ බැංකුව මගින් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු මොහොමඩ් මුසම්මිල්, ගරු සංජීව එදිරිමාන්න සහ ගරු ලලිත් වර්ණකුමාර යන මහත්වරු ද සහභාගී වූහ.

t

o

p