මේ වන විට මැතිවරණයට ඇප තැබූ පක්ෂ

January 11, 2023

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඊයේ (10) පස්වරුව වන විට දේශපාලන පක්ෂ 08ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ දිනයේ අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජාතික නිදහස් පෙරමුණ ද ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මහ නගර සභාව සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ද මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩු ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන 11 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ දිනයේ සිදුකළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් කොංග්‍රස් පක්ෂය ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කර තිබේ.

එමෙන්ම ජාතික ජල බලවේගය ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ සිදුකළ බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කළේය.

මීට අමතරව ස්වාධීන කණ්ඩායම් 11ක් විසින් පළාත් පාලන ආයතන 11ක් සඳහා ඊයේ දිනයේ ඇප තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේය.

t

o

p