ලිට්‍රෝ ගෑස් මිල පහළට

January 5, 2023

අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409ක් දක්වා පහළ ගොස් ඇත.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 38කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 822ක් බව ලිට්‍රෝ සමාගම පැවසීය.

t

o

p