ශ්‍රවණාබාධිතයන්ට මාර්තුවේ සිට රියැදුරු බලපත්‍ර

January 3, 2023

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් සඳහා රියැදුරු බලපත්‍ර ක්‍රමවේදයක් සකස් කර ඇති අතර එය මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන පෙරේදා (1) පැවසීය.

මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය පසුගිය මාස කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කය මූලික කරගෙන ආරම්භ කරන ලද බව ත් හෙතෙම කීය.

දිවයින පුරා ජීවත්වන ලක්ෂ 7-8ක් අතර ශ්‍රවණාබාධ සහිත පුද්ගලයන් සිදු කරන ලද ඉල්ලීම්වලට අනුව මෙම තීරණය ගනු ලැබූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

t

o

p