කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

May 8, 2022

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් ආශ්‍රිත මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (08) පෙරවරු 8.30 පමණ වනවිට එම කලාපයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව එම නිවේදනයේ දැක්වේ.

ඉදිරි පැය කිහිපය තුළ වයඹ දෙසට ගමන් කර ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මැයි 8 වන විට නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

t

o

p