සමගි ජන බලවේගය 21 ගේන්න කථානායකට කෙටුම්පතක් බාර දෙයි

April 21, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් ඊයේ  (21) කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාට බාර දුන්නේය.


කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අදාල කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත බාරදුන් අතර අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී කතානායක කාර්යාලයේදී බාර දෙනු ලැබීය.


විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විතය.

t

o

p