වෛද්‍ය ෂාෆිගේ හිඟ වැටුප් ගෙවන බව නීතිපති අධිකරණයට කියයි.

March 23, 2022

වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වීම මත අනිවාර්යය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂියාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් විසින් ගොනු කළ රීට් පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී මේ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමු කර තිබූ ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් අභියාචනාධිකරණය වෙත මෙම දැනුම් දී ම කර ඇත.

වෛද්‍ය ෂාෆි මහතා වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමි විය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බව එම ලිපියෙන් අනාවරණය කර තිබේ.

මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැදවනු ලැබීය. පෙත්සම වැඩිදුර සලකා බැලීම ලබන මැයි 31 දක්වා කල් දමා තිබේ.

t

o

p