ඉන්ධන මිල ඉහලට

February 26, 2022

ඊයේ (25) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ නංවා ඇත.

ඒ අනුව එම සමාගම පවසන්නේ, පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා ඇති බවය.

එමෙන්ම ඩීසල් ලීටරයක් 15කින් ඉහළ නංවා ඇති බව එම සමාගම සඳහන් කරයි.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වාත් ඉහල යයි.

t

o

p