ගෑස් සමාගම් ගෑස් බෙදාහැරීම නවතයි

March 16, 2022

ලංකාවේ ප්‍රධනාතම ගෑස් සමාගම් දෙක වන ලිට්රෝ හා ලාෆ් යන ආයතන තමන් ගෑස් බෙදා හැරීමෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.

ප්‍රමාණවත් ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් බෙදා හැරීමෙන් ඉවත් වන බව ඔවුන් කියා සිටියි.

කර්මාන්ත ශාලා සඳහා පමණක් ගෑස් තොග නිකුත් කරන බවද ඔවුන් පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගම ඇණවුම් කළ ගෑස් රැගත් නැව් දෙකක් මෙරටට ලගාවී ඇතත් ඒවා මුදා ගැනීමට ඩොලර් නොමැතිවීම හේතුවෙන් ලිට්‍රෝ සමාගමේ ගෑස් අර්බුදය උත්සන්න වී තිබේ.

ලාෆ් සමාගම පවසන්නේ ගෑස් ආනයනය කිරීමට තමන්ට ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිවීම නිසා ගෑස් නොමැති බවය.

t

o

p