අධිවේගී මාර්ගයේ පාපැදි තරගාවලියක්

January 12, 2022

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පාපැදි සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන රේසිං පාපැදි තරඟය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම පාපැදි සවාරිය ජනවාරි මස 14 වන දින පෙරවරු 8:30 ට මීරිගම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අසලින් ආරම්භ වී අධිවේගී මාර්ගය ඔස්සේ යග්ගපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානය දක්වා ගොස් එතනින් නැවත හරවා නැවතත් එම මාර්ගය ඔස්සේ මීරිගම අන්තර් හුවමාරුව අසලින් තරගය නිමා වෙයි.

ශ්‍රී ලංකා පාපැදි සංගමයේ බලපත්‍රලාභී රේසිං පාපැදි ක්‍රීඩකයන් 125 දෙනෙකුට අධික ප්‍රමාණයක් මෙම තරගයට සහභාගි වීමට නියමිතයි. මෙම තරඟය වයස අවුරුදු 19න් පහළ කනිෂ්ඨ ලෙස හා විවෘත සුපිරි කාණ්ඩය සහ කාන්තා තරගයක් වශයෙන් තරඟ පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කාන්තා පාපැදි තරගාවලියේ ප්‍රථම දෙවන තෙවන සිව් වන හා පස්වන ස්ථානය දක්වා ජයග්‍රහයකයින්ට මුදලින් රුපියල් 50,000.00, 30000.00, 25,000.00 හා 20,000.00 බැගින් පිරිනැමීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

කනිෂ්ඨ සහ විවෘත සුපිරි පිරිමි පාපැදි තරගාවලියෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ජයග්‍රහයකයින් සඳහා මුදලින් රුපියල් ලක්ෂයක්, හැත්තෑ පන්දහසක්, හා පනස් දහසක් බැගින්ද හතරවන ස්ථානයේ සිට දස වන ස්ථානය දක්වා ජයග්‍රාහකයින්ට මුදලින් තෑගි පිරිනැමීමටද නියමිත බවයි සංවිධායකයින් පවසන්නේ.

t

o

p