මෙරට කොරෝනා මරණ 615 ක් දක්වා ඉහළට

April 17, 2021

තවත් කොරෝනා මරණ 07 ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96,078 ක් දක්වා ඉහළගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

ඒ අතරින් 92,611 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

t

o

p