ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2000 සිට රු. 2500 දක්වා වැඩිකිරීම ලඟදීම

April 5, 2021

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ මාසික දීමනාව රු. 2000 සිට රු. 2500 දක්වා වැඩිකිරීමට ඉක්මනින්ම පියවර ගන්නාබව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ වන විටත් මේ පිළිබඳ අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

විශේෂයෙන් ජ්‍යේෂ්ඨ පුරවැසි දීමනාව ලබාගන්නා පිරිස 416677ක් සිටිනා බවත් මෙම පිරිසෙන් 238640 ක් සඳහා මෙම දීමනාව 2500 දක්වා වැඩිකිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සිදුකොට ඇති බවත් ඉතිරි පිරිස සඳහාද ඉක්මනින් මෙම රු.500 වැඩිකිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

එසේම විදේශ වන්දනා ගමන් සඳහා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට අඩු පොළියට ණය ලබාදීමට බැංකු කිහිපයක් සමග සාකච්ඡාකොට ඇති බවද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

t

o

p