ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීමට පියවර

April 5, 2021

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ( Oxford AstraZeneca Vaccine ) එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අද ( 05 ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

විශේෂයෙන් මේ වනවිටත් දෙවන මාත්‍රාවට අදාල එන්නත් 300000 ක පමණ තොගයක් වෙන්කො ඇති බවද එම එන්නත් ප්‍රමාණය  අප්‍රෙල් 19 සිට ජුනි 30 දක්වා ලබිදීමට කටයුතු කරන බවත් ඒ අතරතුර දෙවන මාත්‍රාවට අදාල ඉතිරි එන්නත් තොගය ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය.

පළමු මාත්‍රාව අපි ජනවාරි 29 වෙනිද දෙන්න පටන් ගන්නකොට දෙවනි මාත්‍රාව දෙන්න තිබුණෙ සති 4 කින්. නමුත් පර්යේෂන වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම දෙවන මාත්‍රාව සති 10ක් 12ක් කල්දාන්න පුලුවන් කියල ලැබුණු  විද්‍යාත්මක තොරතුරු අනුව අපි අප්‍රෙල් 19 සිට දෙවන මාත්‍රාව දෙන්න කටයුතු කරනවා. ඒ නිසා දෙවන මාත්‍රාව ලබාදීම ගැන ගැටලුවක් නෑ.  

t

o

p