රිය අනතුරකින් පියා සහ දරු දෙදෙනා මරුට

March 28, 2021

යාපනය, පලෙයි, ඉත්තාවිල් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් එකම පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොලීසිය පැවසූවේ මෝටර් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 38ක් වන පියා, වයස අවුරුදු 14ක් හා 11ක් වන දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

t

o

p