කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවක් පත්කෙරේ.

March 26, 2021

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සහ ඒ පිළිබඳ සොයාබලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ  සභාපතිත්වයෙන් යුතු  පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  පත් කරන බව කථානායක මහින්ද යාපා  අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද ( 26 )  නිවේදනය කළේය.

මෙම කාරක සභාවේ සාමාජිකයින් ලෙස නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී. එල්. පීරිස්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, පියල් නිශාන්ත, වෛද්‍ය සීතා අර‌‌‌ෙඔපොළ, ඩිලාන් පෙරේරා, තලතා අතුකොරල, එරාන් වික්‍රමරත්න , ජේ.සී. අලවතුවල, එස්. ශ්‍රීධරන්, ඉම්රාන් මහරූෆ්, රෝහිනී කුමාරි විජේරත්න, එම්. උදයකුමාර, ජගත් කුමාර, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රෝහන බණ්ඩාර, අලි සබ්‍රි රහීම්, එම්. රාමේෂ්වරන්, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය, ඩයනා ගමගේ යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්කරන බව කථානායකවරයා නිවේදනය කළේය.

පසුගිය මාර්තු 09 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සහ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටියේය.

t

o

p