T 20 දෙවැනි තරගයේ ජය ශ්‍රී ලංකාවට

March 6, 2021

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවෙනි විස්සයි 20 ක්‍රිකට් තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(06) සමත් විය.  

ඒ කොදෙව් කණ්ඩායම ලකුණු 43කින් පරාජයට පත්කරමිනි.   අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුනු 160ක් රැස් කළේය.  

ධනුෂ්ක ගුණතිලක 56 ක්ද පැතුම් නිශ්ශංක 37 ක්ද රැස්කරන ලදි. ඩ්වේන් බ්‍රාවෝ ළකුණු 25 කට කඩුලූ 02 යි.  

පිළිතුරු ඉනිමේදී කොදෙව්වන්ට ලබා ගත හැකි වුණේ ලකුණු 117ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිදු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 17ක් ලබා දෙමින් කොදෙව් කඩුලු 03 බිඳ දැමීය.  

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43කින් එම තරගය ජයග්‍රහණය කළේය.   තරගයේ වීරයා වනිඳු හසරංගයි.   දෙරට අතර තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා(08) පැවැත්වේ.

t

o

p