පොලිස් විශේෂ කාර්ය බලකාය කසල තේ කිලෝ 10000 ක් අල්ලයි

February 19, 2021

යක්කල හන්දියේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කසල තේ කිලෝ දස දහසක් සමග සැකකරුවන් දෙදෙනෙකු හා කසල තේ ප්‍රවාහනය කළ ලොරි රථය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව අද (19) පෙරවරුවේ මෙම ලොරි රථය නවතා පරික්ෂා කර තිබේ. එහිදි ගම්පොල වෙළම්බොඩ ප්‍රදේශයට ප්‍රවාහනය කරමිත් තිබු මෙම කසල තේ තොගය සොයා ගෙන ඇත.

සිලෝන් ටි වෙළෙද නාමය යටතේ ඇසුරුම් කර ජාත්‍යන්තර වෙළෙද පොලට යැවිම සදහා මෙම කසල තේ තොගය ගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.

අන්තර් ජාතිකව සිලෝ ටි නාමයට තිබෙන ඉල්ලුම නැති කිරිම වෙනුවෙන් කරනා මෙම කූට ව්‍යාපාරය ගැන තොරතුරු දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

t

o

p