පුවත්පත් මණ්ඩලයෙන් බලාපොරොත්තුව මාධ්‍යවේදීන් මර්දනය කිරිමක්ද? – මාධ්‍යවේදී කේ. සංජීව

February 19, 2021

මේ මොහොතේ ආණ්ඩුවට සමාජ මාධ්‍ය හිරිහැරයක්, කරදරයක් වී ඇති හෙයින්  ඔවුන් බලාපොරොත්තු වන්නේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පුවත්පත් මණ්ඩලයට ඇතුල් කර එය සංශෝධනය කිරිමෙන්  ඒ් හරහා මාධ්‍යවේදීන් මර්ධනය කිරිමදැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ කැඳවුම්කාර සභික, මාධ්‍යවේදී කේ.සංජීව මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පුවත්පත් මණ්ඩලය අහෝසි කරනු, ස්වයං නියාමනයට යාන්ත්‍රණයක් සකසනු! යන මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ  (18) දින කොළඹදි පැවත්වුණු අවස්ථාවේදීය. මෙය අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදි තවදුරටත් ඔහු කියා සිටියේ පුවත්පත් මණ්ඩලය යනු කෑලෑ උසාවියක් බවත් මෙහි පත්වන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් වන හෙයින් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අයිතීන් ඉන් ආරක්ෂා වේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවය.

මේ පුවත්පත් මණ්ඩලය බිහි වු දා සිට මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සමාජය පැවති ආණ්ඩු වලින් ඉල්ලීම් කර සිටියේ මේ මණ්ඩලය වහාම මේ පුවත්පත් මණ්ඩලය අහෝසි කර මාධ්‍යවේදීන් සඳහා ස්වයං නියාමනය සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් සකසන ලෙස වුවත් පැවති කිසිදු ආණ්ඩුවක් ඊට ප්‍රතිචාර දැක්වුයේ නැතැයිද ඔහු පවසයි.

යහපාලන රජය තුලත් ජනමාධ්‍ය ඇමතිවරයා, අගමැතිවරයා මේ මණ්ඩලය අහෝසි කරන බවට එකඟ වී සිටියත් ආණ්ඩුව නිමා වනතුරු එය කිරිමට හැකි වුයේ නැති බවත් සියලුම පාලකයින් මෙය අහෝසි කිරීම මඟ හැරිය බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මාධ්‍ය සංවිධාන තමන්ගේ විරුද්ධත්වය නිසා ඊට මාධ්‍ය නියෝජිතයින් ඊට නම් නොකළ බවත් එවන් ආයතනයක් නැවත ශක්තිමත් කිරිමට උත්සහ ගන්නේ, සංශෝධන ඉල්ලන්නේ මන්ද යන ගැටලුව පවතින බවද සංජීව මහතා පවසයි.

ඇතැම් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මාධ්‍ය සදාචාර උල්ලංඝනය කර වාර්තාකරණයන් කරන බව පිලිගන්නා අතර  එය නියාමනය සඳහා කාලීන අත්‍යවශ්‍යතාවයක් ඇති බවත් නමුත් ඒ් නියාමනය ජනාධිපතිවරයා පත් කරන මණ්ඩලයකට කළ හැකිද යන්න විශ්වාසයක් නොමැති බවද ඔහු පවසයි.

එමෙන්ම මෙය නියාමනය කිරිම සඳහා ස්වාධීන කොමිසන් සභා පත් කිරිමට යැයි කිව නොහැකි බවද ඊට හේතුව ස්වාධින කියන කොමිසන් වලට අද අත් වී ඇති ඉරණම නිසා යැයිද සඳහන් කරන ඔහු පවසන්නේ ඒ්වා දැන් ජනාධිපතිවරයාගේ කොමිසන් සභා බවය.

ඉදිරියේදි මේ සංශෝධන පාර්ලිමේන්තුවට පනතක් වශයෙන් ගෙනවිත් සම්මත වීමට යන්නේ මාධ්‍යවේදින්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ද එසේත් නැතිනම් පුරවැසියාගේ අවශ්‍යතාවය වෙනුවෙන්ද යන්න විමසා සිටින බවද ඔහු කියා සිටියි.

රටේ කඩාවැටීම, අරාජික වීම මාධ්‍ය මඟින් රටට ගෙනයාම වැලැක්වීමට ගෙන එන මේ පුවත්පත් මණ්ඩලය සංහෝධනය කිරිමට මාධ්‍ය සංවිධානයක් ලෙස සම්පුර්ණයෙන්ම විරුද්ධ වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මෙහිදි අදහස් දැක් වු මාධ්‍යවේදී, නීතිඥ දුලාන් දසනායක  මහතා පවසා සිටියේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන මේ පුවත්පත් මණ්ඩලය අහෝසි කරන ලෙස හෝ මේ සඳහා ස්වයං තාක්ෂණික නියාමනක් ඇති කරන ලෙසය.

ආණ්ඩුව මේ වනකොට පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කරන බව පවසමින් එය ශක්තිමත් කිරිමේ උත්සහයක නිරත වෙන බවත් පුවත්පත් මඟින් ආණ්ඩුව සමාජයට දන්වා තිබුණේ පුවත්පත් මණ්ඩලය සංශෝධනය කිරිමට එක් වන ලෙස වුවද මෙයින් කිරිමට යන්නේ පුවත්පත් මණ්ඩලය  ප්‍රජාත්‍රන්තවාදී කිරිමකට වඩා පුවත්පත් මණ්ඩලය බලාත්මක කරන, ශක්තිමත් කරන ව්‍යුහයක් බවට පත් කිරීමක් බව ඔහු පෙන්වා දෙයි.

1973 පුවත්පත් මණ්ඩල නීතියක් වන මෙය වර්තමානයට ගැලපෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් කියා සිටින් ඒ් මහතා පවසන්නේ මෙය යල්පැන ගිය නීතියක් බවය.

මේ පුවත්පත් මණ්ඩල නීතියෙන් බලය ලබා දෙන්නේ පුවත්පත් මණ්ඩලයට වන අතර එහි සාමාජිකයින් හත් දෙනෙකු සිටින අතර ඉන් නිල බලයෙන් පත්වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා හැර සෙසු සය දෙනාම පත් කරන්නේ සෘජුවම ජනාධිපතිවරයා විසින් බවත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුව ලංකාවේ බල සියල්ල ජනාධිපතිවරයා අතේ ඇති අවස්ථාවක, ඔහු විසින්ම මේ සාමාජිකයින් පත් කරන අවස්ථාවක මේ පුවත්පත් මණ්ඩලය ස්වාධීන ආයතනයක්දැයි යන ප්‍රශ්නය මතු වන්නේ යැයි හෙතෙම සඳහන් කරයි.

මාධ්‍යයේ පළවන යම් කාරණා සම්බන්ධව ඔවුන්ට නඩු අසා තීරණයක් දිමේ හැකියාව මේ පුවත්පත් මණ්ඩලයට ඇති බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එහි වගන්ති අනුව මෙය අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කිරිමේ අවස්ථාවක් කිසිදු විටෙක නොමැති බවය.

සරලවම කියතොත් මෙය අභියාචනා කිරිමේ අයිතිය අහිමි කරපු පනතක් බවත් මේ මණ්ඩලයෙන් දෙන නියෝගයක් යම් මාධ්‍යවේදියෙකු හෝ මාධ්‍ය ආයතනයක් ක්‍රියාත්මක නොකළහොත් පුවත් පත් මණ්ඩලයට ඒ් ආයතනයට හෝ පුද්ගලයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ නඩු පැවරීමේ හැකියාවක් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

මේ දිනවල අධිකරණයට අපහාස කිරිමේ සිද්ධීන් ගැන කථා වෙන අතර ඒ් අධිකරණයට අපහාස කිරිමේ නීතියත් අභියාචනා කිරිමේ අයිතිය අහිමි කළ නීතියක් යැයිද ඔහු පවසයි.

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පැහැදිලි නීති රාමුවක් ලංකාවේ අධිකරණ පද්ධතිය තුල නොමැති අවස්ථාවක ශ්‍රේෂඨාධිකරණයට අවශ්‍ය දඩුවම් පැමිණවීමේ හැකියාවක් ඇතැයිද අවධාරණය කරන දසනායක මහතා පවසන්නේ මේ පුවත්පත් මණ්ඩලය බලාත්මක කරමින් ඊට විද්්‍යුත් මාධ්‍යද ඇතුලත් සිදු කිරිමට යන්නේ ඒ්වාද පුවත්පත් මණ්ඩලයට නතු කර ගැනිමට බවය.

සමාජ මාධ්‍ය පාලනයක් ගැනද මේ දිනවල සාකච්ඡා වෙමින් පවතින් අතර ඒ්වාද මෙයට ඇතුල් කීරිමේ අවදානමක් මතුව ඇතැයිද ඔහු අනතුරු අඟවා සිටියි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බාධා කරන මේ පුවත්පත් මණ්ඩලය වැනි මණ්ඩලයක් යළි සංශෝධනය කිරිමට යන්නේ කුමන හේතුවක් නිසාදැයි ආණ්ඩුව පැහැදිලි කළ යුතුව ඇතැයිද ICCRP පනත යටතේ මේ වන විට නඩු කටයුතු ගණනාවක් සිදුවෙමින් පවතින අතර ශක්තික සත්කුමාර, රම්සී රාසික් ඊට නිදසුන් ලෙස පෙන්වා දුන් ඔහු පවසන්නේ ස්වාධීන කොමිසන් සභා රැසක් පිහිටුවා ඇතත් ඒ්වා ස්වාධීනද යන්න ගැටලුවක් පවතින බවය.

මෙම මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදි නිමල් අබේසිංහ හා මාධ්‍යවේදිනි ජයනි අබේසේකර යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වුහ.

t

o

p