ට්‍රම්ප්ට එරෙහි විශ්වාසභංගය විභාග කිරීමට සෙනට් සභාවේ අනුමැතිය

February 10, 2021

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සදහා එරට සෙනට් සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනූව ඊයේ පැවති මත විමසීමේදී දෝෂාභියෝග නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට පක්ෂව ජන්ද 56 ක් සහ විපක්ෂව ජන්ද 44 ක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාල දෝෂාභියෝග යෝජනාව ව්‍යවස්ථානුකූල බැවින් නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි එරට සෙනෙට් සභාවේ මතය වී ඇත්තේ.

t

o

p