පී.සී.ආර්. ප්‍රතිඵල ලැබෙනකම් දින ගණන් බලන්න ඉන්න වෙලා

January 27, 2021

කොවිඩ් – 19 සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාද වීමත් සමඟ අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවන්ට පත්වන බව එම ප්‍රදේශයේ ඇතැම් සෞඛ්‍ය සේවා නිලධාරීහු පවසති.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගන්නා ලද පී.සී.ආර්. පරීක්ෂා කිරීම සඳහා නුවරඑළිය රෝහලට රැගෙන යන බවත් එහෙත් එහි පී.සී.ආර්. යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත් සමඟ එම පී.සී.ආර්. පරීක්ෂාවන් සඳහා එසේ ගන්නා ලද සාම්පල බදුල්ලට රැගෙන යෑමට සිදුව ඇති බවත් මේ තත්ත්වයන් මත ගන්නා ලද පී.සී.ආර්. සාම්පලවල වාර්තාවන් ලැබීමට සමහර අවස්ථාවලදී දින 08කට වැඩි කාලයක් ගත වන බව ද එම නිලධාරීහු පවසති.

t

o

p