කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය හෙට දිවයිනට

January 27, 2021

එයාර් ඉන්දියා විශේෂ ගුවන් යානයකින් එන්නත් ලක්ෂ 05ක් මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇත.

ඒවා ඉන්දීය රජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත නිල වශයෙන් හෙට දිනයේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී භාර දීමට නියමිතය. 

මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත හෙට දිනයේ දීම ගබඩා කර අනිද්දා(28) සිටම ජනතාවට එන්නත්කරණ වැඩිපිළිවෙල අරඹන බව ලලිත් වීරතුංග මහතා පවසයි. 

t

o

p