මියගිය යාචකයෙකු ගේ ගමන් මල්ලේ රුපියල් එක්ලක්ෂ තිස්දාහක්

January 9, 2021

කිළිනොච්චිය රෝහලේදී මියගිය යාචකයකුගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය විසින් පෙරේදා සොයා ගෙන තිබේ.

කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල් ගත කොට තිබේ.

රෝහලේදී ඔහු ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර රෝහල් සේවකයෝ මළ සිරුර රජයේ වියදමින් භූමදානය කරන තුරු රෝහල් මෘත ශරීරාගාරයට යැවීමට පියවර ගෙන තිබේ.

යාචක රෝගියා සතු බඩු බාහිරාදිය වෙනත් තැනකට යැවීම සඳහා එකතු කළ අවස්ථාවේදී එම යාචකාගේ කිළුටු බෑගයක් පරීක්ෂා කළ සේවකයින්ට බෑගය තුළ තිබූ මෙම මුදල හමු වී තිබේ.

t

o

p