මාර්ග නීති හා නිරෝධායන නීති කඩන රියදුරන් සොයා සිවිල් පොලිස් නිලධාරින් හෙටත් අනිද්දාත් යොදවයි

December 30, 2020

මාර්ග නීති හා නිරෝධයන නිති කඩ කරන රියදුරන් සොයා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් හෙට (31) සහ අනිද්දා (01) යන දෙදින තුළ පොදු ප්‍රවාහන සේවයට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නිරෝධායන නිති මෙන්ම මාර්ග නිති කඩ කරමින් රියදුරන් සොයා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරින් පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කරන බවත් එවැනි රියදුරෙක් දුටු විගස ඔවුන් ලගම ඇති පොලිස් ස්ථානයට දන්වා එම බස් රථය නවත්වා නිතිය ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

එසේම පසුගිය 20 වන දින සිට ලංකාව පුරා එථවාහන මෙහෙයුමක් ආරම්භ කළ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එහි අරමුණ වූවේ අනතුරු අවම කිරිම, මරණ අවම කිරිම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරිම යැයි ද පැවසීය.

20 දා සිට මේ දක්වා අනතුරුවලින් මරණ 47 ක් ද බරපතල තුවල ලැබූවන් 127 ක් ද සමග තුවාල ලැබූවන් 394 ක් සහ සමස්ථ අනතුරු 573 ක් වර්තා වන බවද කවේය.

ගතවූ පැය 24 ක කාලසිමාව තුළ බීමත් රියදුරන් 171 ක් හදුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි ද ඔහු සදහන් කළේය.

t

o

p