මුස්ලිම් මළසිරුරු භූමදානය කරන්නැයි ඉල්ලා වතුර ටැංකියට නගී

December 14, 2020

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුර ආදාහනය නොකරන්නැයි ඉල්ලමින් මුස්ලිම් ජාතිකයෙක් අද ( 14 )පෙරවරුවේ සිට මාලිගාවත්ත දුම්රිය නිවාස සංකීර්ණයේ වතුර ටැංකිය මත නැගී විරෝධතාවයක නිරත විය.

ඔහු එක් අවස්ථාවක පෝස්ටරයක්ද පෙන්වමින් ඉල්ලා ඇත්තේ සිරුරු ආදාහනය නොකර මිහිදන් කරන්නැයි කියමිනි.

අඩි ගණනාවක් උසැති වතුර ටැංකිය මතට නැගුනු ඔහු දෑත් වනමින් අහස දෙසට දෑත් දිගුකර යාඥා කරමින් මළ සිරුරු ආදාහනය නොකරන්නැයි ඉල්ලා සිටියේය.

පැය හතරකට අධික කාලයක් වතුර ටැංකිය උඩ නැග සිටි ඔහු පොලිසිය සහ ගිනි නිවන හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔහුව පහළට ගැනීමට සමත් විය.

කොරෝනා වසංගතයේ පැතිරීම නිසා මාලිගාවත්ත පොලිස් වසම මේ වන විට හුදකලා කර ඇත.

t

o

p