COVID-19 මර්දනය සඳහා චීනයේ බීජිං නගර සභාවෙන් කොළඹ මහ නගර සභාවට සහය

December 14, 2020

 

රුපියල් මිලියන 16 කට අධික වටිනා පුද්ගලික ආරක්ෂක උපකරණ (පීපීඊ), සංවාතක ( වෙන්ටිලටර්) සහ පීසීආර් පරීක්ෂණ කට්ටල ඇතුළු වෛද්‍ය සැපයුම් රාශියක්  බීජිං මහ නගර සභාව විසින් කොළඹ මහ නගර සභාවට  පරිත්‍යාග කර ඇත. මතු වී ඇති හදිසි අවශ්‍යතාව සලකා මෙම වෛද්‍යය උපකරණ තොගයේ පළමු කොටස සෙනසුරාදා (12) දහවල් බීජිං සිට කටාර් හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට රැගෙන ආ අතර ඉතිරි කොටස් දෙක දෙසැම්බර් 14 සහ 17 යන දෙදින රැගෙන ඒමට නියමිතය. 

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් පසුගිය නොවැම්බර්  මාසයේදී කළ  ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්   ලබා දුන් අදාළ ආධාරය ගැන බීජිං නගරාධිපති චෙන් ජිනින් මහතා මෙසේ පැවසීය. “COVID-19 වසංගතයේ දෙවන රැල්ල ශ්‍රී ලංකාවට බලපෑම් කර ඇති අතර කොළඹ නගරය ද එය වැළැක්වීමේ හා පාලනය කිරීමේ දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටී. සැබෑ මිතුරෙකු ලෙස අපි මෙම අසීරු කාලයේදී ඔබ වෙනුවෙන් පෙනී සිටින්නෙමු. මහජන රජයේ බීජිං මහ නගර සභාව වෙනුවෙන් සහ මගේ පෞද්ගලික නාමයෙන්, ඔබටත් කොළඹ වැසියන්ටත් අපගේ අවංක සහයෝගය ලබා දීමට කැමැත්තෙමු. අපගේ ඒකාබද්ධ උත්සාහයෙන් මෙමෙ අභියෝගය අපට ජයගත හැකි බව මම විශ්වාස කරමි. අපගේ මිත්‍රත්වය ද නව තලයකට ගෙන එනු ඇත. කොළඹ නගරයට මෙම වසංගතය  හැකි ඉක්මනින්  පරාජය කිරීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. කොළඹ නගර වැසියන්ට සතුට හා යහපත් සෞඛ්‍ය ප්‍රාර්ථනා කරමි.”

මේ අතර, අනෙකුත් චීන නගර වන ෂැංහයි, චෙංඩු සහ තායිපේ වැනි නගරද COVID-19 නිසා මුහුණදෙන වර්තමාන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා කොළඹ නගරසභාවට සිය සහයෝගය ලබා දීමට සැලසුම් කර ඇත.

t

o

p