උත්සව සමයේ දී නිරෝධායන නීති කැඩුවොත් වසර 03ක සිර දඬුවම්

December 13, 2020

උත්සව සමයේ දී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කරන ලෙසත් ගෘහස්ත නිරෝධායනයට ලක් කළ විට නිරන්තරයෙන් එම නිරෝධායන රීතීන්ට අනුව කටයුතු කළ යුතු අතර නිවෙසින් බැහැරව යෑමත්, එම නිවෙසට පිටස්තර පුද්ගලයන් පැමිණීමත් සම්පූර්ණයෙන් තහනම් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  

ගෘහස්ථ නිරෝධායනට ලක් කර ඇති පුද්ගලයන් නිරෝධායන නීතීන්ට පටහැණිව ක්‍රියා කළ හොත් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා වසර තුනක සිර දඬුවමකට හා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියි.  

t

o

p