මහපොළ භාරකාර අරමුදලේ රුපියල් බිලියනයකට වැඩි අයථා පරිහරණයක් ගැන CID විමර්ශනයක් – වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන

December 7, 2020

මහපොළ භාරකාර අරමුදලේ පසුගිය රජය සමයේ සිදුව ඇති රුපියල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් අයථා පරිහරණය සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයක, අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති විමර්ශනයක් සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

ප්‍රමාදයකින් තොරව මහපොළ ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන බවත්, හිඟ වාරික සියල්ලම ගෙවා අවසන් බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම මහපොළ භාරකාර අරමුදල සංවර්ධනය කිරීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලඥයන් සහ ජනතාව සමඟ එක්ව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

t

o

p