ධීවර ප්‍රජාවට සහන රැසක්

December 1, 2020

පේදුරු තුඩුව, ගුරු නගර්, පේසාලේ හා වාලච්චේන, වෙල්ලමංකර, බලපිටිය, අම්බලන්ගොඩ, ගාල්ල, තංගල්ල, මිරිස්ස, නිලාවේලී, හම්බන්තොට, සුදුවැල්ල, දොඩංදූව, මයිලඩි ඇතුළු රට පුරා ධීවර වරාය 21ක් නවීකරණය කොට ලෝකයේ දියුණුම ධීවර වරායන් තත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ අයවැයෙන් වෙන් කර තිබෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සදහන් කළේය.

රට පුරා ව්‍යාප්ත වි පවතින කොවිඩ් 19 වෛරසය හේතු කොට ගෙන ධීවර ක්ෂෙත්‍රය තුළ සිදු වු පසුබෑම් වලින් ගොඩ ඒම සදහා ක්‍රියාවට නංවන්නට සැලසුම් කර ඇති සිය අමාත්‍යාංශයේ වැඩ පිළිවෙල පිළිබදව පසුගිය දා පාර්ලිමේන්තුවේදී සිය අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබද තමන් පවත්වන ලද දේශනයේදී පෙන්වා දුන් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාවට නංවන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව ධීවර අමාත්‍යාංශය අනාගතයේදී වැඩ සටහන් හා ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කරන ලදි.

මුහුදු හා රට අභ්‍යන්තර මිරිදිය ජලාශ වල නීතිවිරෝධි මසුන් ඇල්ලීම තහනම් කිරීමට නව නීතිරීති සකසන බවත් ඉන්දීය ධීවරයන්ගේ නීතිවිරෝධි කටයුතු නැවැත්වීම සදහා ස්ථිර විසදුම් ලබා දීමට කටයුතු කරන බව වැඩි දුරටත් අමාත්‍යවරයා සදහන් කළේය.

t

o

p