මහර බන්ධනාගාර උණුසම පාර්ලිමේන්තුවට ද දැනේ

November 30, 2020

මහර බන්ධනාගාරයේ කළහය පිටුපස අදිසි හස්තයක්

මහර බන්ධාගාරයේ ඇතිවූ අවාසනාවන්ත සිද්ධිය පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක ව ඇති බව බන්ධාගාර රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (30) ප්‍රකාශ කළාය.

මෙහි අගමුල සොයා ගැනීමට අවශ්‍ය බැවින් කව්ද මේවට අනුබල දුන්නේ කියා සොයා ලැබීමට පරීක්ෂණ රහස් පොලීසියට බාර දෙන බවද ඇමතිනිය කීවාය.

මහර බන්ධාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඇමතිනිය තවදුරටත් මෙසේද කීවාය.

බන්ධනාගාර රාශීය පසුගය කාලයේ උද්ඝෝෂණ ඇති වුනා. අගුණකොල පැලැසසෙන් පටන් ගෙන බෝගම්බර, වැලිකඩ, කළුතර හා වීරවිල ආදී බන්ධනාගාර රැසක රැල්ලක් විදියට මේක ක්‍රියාත්මක වුනා. රජය ප්‍රතිපත්තියක් විදියට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කරන නිසා මත්ද්‍රව්‍ය රැදවියන් වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන බන්ධනාගාර ගතකර සිටිනවා.

අපි පිළිගන්නවා 11000 ක් සිටිය යුතු තැන 32000 ක් රදවා සිටිනවා කියලා. එම නිසා මිනුවන්ගොඩ පොකුර පටන් ගත් සැනින් අපි සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා බන්ධනාගාර තුළ විශේස සෞඛ්‍ය වැඩපිළිවෙලක් සකස් කළා. අමුත්තන් පැමිණිම සිමා කලා. උසාවි ගෙන නොගොස් නව තාක්ෂණය ඔස්සේ රැදවියන් අධිකරණය හා සම්බන්ධ කලා. නමුත් ඔක්තෝම්බර් 23 දා පළමු කොවිඩ් රෝගියා බන්ධනාගාරයෙන් වාර්තා වුනා. නමුත් අපි ඒ වන විටත් බන්ධනාගාරවලින් යොමු කරන සිරකරුවන් සති දෙකක් නිරෝධායන කදවුරක තබලයි බන්ධානාගාර ගත කළේ.

වැලිකඩ බන්ධනාගාරයේ කොවිඩ් රෝහලක් සකස් කිරිමට බන්ධනාගාර රෝහලේ සිටි රැදවියන් මහර බන්ධනාගාර රෝහල වෙත යොමු කළා. බන්ධනාගාර තුල මේ වන විට කොවිඩ් රෝගීන් 1099 ක් හමුවී තිබෙනවා. මේ අය වැලිකන්ද, ගල්ලෑල්ල, කන්දකාඩු කියන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථන වෙත යොමු කර තිබෙනවා.

බන්ධනාගාර තදබදය අඩු කරන්න අධිකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට මත්ද්‍රව්‍ය ලග තබා ගෙන සිටින අය ජාවාරම් කරුවන් සේ බන්ධනාගාර ගත නොකොට ඇප ලබා දීමට කටයුතු කරන ලෙස දැනුම් දුන්නා. ඒ වගේම දඩ ගෙවා ගත නොහැකිවිම වැනි සුළු වැරදි වලට බන්ධනාගාර ගතව සිටින 600 කට ජනාධිපති සමාව දුන්නා.

කොහොමවුනත් අපි බන්ධානාගරවල ටෙලිෆොන් ගෙන යාම නැවැත්වීමට පියවර රාශියක් ගත්තා. නමුත් කොරෝනා අස්සේ පරික්ෂා කිරිම්වලට බාධා මතුවීම නිසා නැවතත් ටෙලිෆොන් ඇතුලට ගොස් තිබෙනවා. සමහර රැදවියෝ මටත් කතා කරනවා.

මහර තත්ත්වය මේ වන විට පාලනය කර අවසන්. අගමුල අපි හොයනවා. අපටත් අවශ්‍යයි කව්ද මේවා කරන්නේ කියලා දැන ගන්න. අනුබල දුන්න අය සොයා ගන්න. ඒ නිසා පරික්ෂණ රහස් පොලිසියට බාර දෙනවා. ඊට අමතරව අමාත්‍යාංශ ලේකම්තුමාගේ සභාපතිත්වයෙන් කමිටුවක් දා පරික්ෂා කරනවා.

සිරකරුවන් ඝාතනය ප්‍රජතන්ත්‍රවාදි ඇගයිම් ඇති රාජ්‍යයකට හොද තත්ත්වයක් නොවෙයි

මහර බන්ධනාගාරයේ සිද්ධිය ප්‍රජාතන්ත්‍රවාදී ඇගයිමක් ඇති රාජ්‍යයකට හොද තත්ත්වයක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක, මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (30) ප්‍රකාශ කළේය.

රාගම රෝහලට මේ වන විට මළසිරුරු 8 ක් රැගෙනවිත් තිබෙන බවත් 50 කට අධික සංඛ්‍යාවක් තුවාල වී ඇති බවටත් වාර්තා වී ඇතැයි ද මහර සිද්ධිය ගැන විමසමින් මන්ත්‍රීවරයා විමසා සිටියේය. අදාළ පැනය යොමු කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

වාර්තාවන අන්දමට මහර බන්ධනාගාරයේ ඇතිවූ කළහකාරි තත්ත්වය හේතුවෙන් රාගම රෝහලට මළසිරුරු 8 ක් ගෙනවිත් තිබෙන බවට වාර්තා වෙනවා. ඒ වගේම තුවාළකරුවන් 53 ක් පමණ ගෙනවිත් තිබෙන බවටත් රෝහල් ආරංචි මාර්ග තහවුරු කරනවා. සිරකරුවන් සිටින්නේ රාජ්‍ය භාරයේයි. එසේ සිටින සිරකරුවන්ගේ ජිවිතවල වගකීම රජයට ලැබෙනවා.

මෙය අහම්බෙන් පැන නැගුණක් නොවෙයි. මහර ඇතුළු බන්ධනාගාර ගණනාවක සිරකරුවන් අතර නොසන්සුන්තාවක් ඇතිවුනා මේ කොවිඩ් වසංගතයත් සමග. මේ වන විට බන්ධානාගර රැදවියන් 1000 කට අධික සංඛ්‍යාවකට කොවිඩ් වැළදී තිබෙනවා. ඔවුන් ඉල්ලුවේ පී.සී.ආර් පරික්ෂණ වැඩි කරන්න, රෝගීන් රෝහල්ගත කරන්න කියන කාරණයයි.

නමුත් ප්‍රතිචාරය වෙනස් වී ඔවුන්ට ලැබී තිබෙනවා. ඇමතිනිය කියන අදිසි හස්තය ගැන වෙනම පරික්ෂණ කරන්න. හැබැයි මේ 183 ක් මහර පමණක් එක දිනකදී රෝගීන් හමුවීම ගැන බලන්න. මේ අය කියන්නේ ඔවුන්ව මාස ගණන් ගිහිල්ලාත් අධිකරණයට ඉදිරිපත් නොකිරීම ගැනයි. මොකද සිටිය යුතු කාලයට වඩා මේ රිමාන්ඩ් සිරකරුවන් රිමාන්ඩ් භාරයේ සිටින බවයි ඔවුන්ගේ ඉල්ලීම.

මහර සිද්ධිය තදබදය නිසා ඇතිවූවක් නොව ජාත්‍යන්තර අපවාදය රජයට ඇති කිරිමට කල දෙයක්

සමයං නම් අපරාධකරුගේ ගෝලයෙකු වන චතුරංග නැමැත්තා විසින් සිරකරුවන්ට පෙත්තක් ලබාදිම මනස විකෘති කොට මහර ගැටුම නිර්මාණය කළ බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදි අද (30) ප්‍රකාශ කළේය.

මහර බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකව සොයා බැලූ බවත් එම සාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් ඔහු කීය. බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මතු කළ ප්‍රශ්නත් සමග ඇතිවූ සංවාදයට එක්වෙමින් ඇමතිවරයා තවදුරටත් මෙසේද කීය.

මහර සිද්ධිය ගැන මතු පිටින් නොව ගැඹුරින් සොයා බලන්න ඕනේ. බුද්ධි අංශ වෙත පසුගිය කාලේ තොරතුරක් ලැබුණු ඝාතනය වූ සමයං නැමැති අපරාධකරුගේ ගෝලයෙකු වන චතුරංග නැමැත්තා සරප් නැතිනම් රිවස් නම් මත් පෙත්තක් සිරකරුවෝ දෙදෙනෙකුට දී අත්හදා බලා තිබෙනවා කියලා. වැලිකඩ බන්ධනාගාරයේ දී මේ පෙත්ත ලබාගත් සිරකරුවන්ට ලේ දකින්න ඕනේ. මේ පෙත්ත බෙදා හැරලා අත්හදා බැලීම් කරලා තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදි සිරගතව සිටින තවත් අපරාධකරුවන් පිරිසක් විසිනුයි.

බුද්ධි අංශ මැදිහත්ව මෙම පිරිස වෙනත් බන්ධනාගාරවලට මාරු කර යැවීම නිසා වැලිකඩ බන්ධනාගාරයේ එය කරන්න් නොහැකි වුනා. වැලිකඩදී බැරිවුන දේ අවසනාවන්ත ලෙස මහරදි මේ අය කරලා තියෙනවා. මෙය තදබදය නිසා ඇතිවූ ආතතිය කියලා හිතන්න ලෙහෙසි වුනත් මෙය සැලසුම් සහගතව කළ දෙයක්.

මේ අය උත්සාහ කරන්නේ බන්ධනාගාරතුල මරණ තත්ත්වයක් ඇති කරලා ගෝඨාභය ජනාධිපතිතුමා ලේකම් කාලෙත් සිරගෙවල්වල මෙහෙම වෙනවා. ජනාධිපති කාලෙත් මිනි මරණවා කියලා ජාත්‍යන්තර අපවාදය ඇති කරන්නයි. කොරෝනා නිසා ඇතිවූ ආතතිය කියනදේ මතු පිටින් පෙනුනත් ගැඹුරින් බැලුවාහ කතාව වෙන එකක්.

t

o

p