ලංකාවේ 20%කට කොවිඩ් එන්නතක්

November 10, 2020

මෙරට ජනගහනයෙන් සියයට 20කට කොවිඩ් සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එන්නත ලැබීමෙන් පසු එය ලබා දෙන පිරිස තීන්දු කිරීම, භෞතික සම්පත් කළමනාකරණය ලියාපදිංචිය, අරමුදල් සොයා ගැනීම හා එන්නත් බෙදා හැරීම යන කරුණු සඳහා විසඳුම් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහට උපදෙස් ලබා දී තිබේ.

එම එන්නත කොවිඩ් වැලඳීමේ අවදානමක් ඇති පිරිසට, වයෝවෘද්ධ පිරිසට, සෞඛ්‍ය සේවකයන්ට, ආරක්ෂක අංශ සාමාජිකයන්ට පළමුව ලබා දීමට සුදුසු බව මෙහිදී සාකච්ඡා කර තිබේ.

t

o

p