වකුගඩු රෝගියකුට මසකට රජයෙන් රුපියල් 3000ක්

October 16, 2014

වකුගඩු රෝගයෙන් පෙලෙන්නෙකු හට මසකට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. මීට පෙර එම රෝගියකු හට රුපියල් 1000 ක් මුදලක් ලබාදුන්නද එම මුදල ප්‍රමාණවත් නොවන හෙයින් රුපියල් තුන්දහසක් දක්වා වැඩිකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදුන් බව විශේෂ ව්‍යාපෘති ඇමැති හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා පඅවසයි.

විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය. රජයේ රෝහල්වල වකුගඩු සායනවලට සහභාගි වී ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට මේ මුදල ලබාදෙන අතර විශේෂඥ වෛද්‍යවරයකු විසින් එම රෝගියා එම රෝගයෙන් පෙළෙන්නකු බවට තහවුරු කළයුතු බව ඒ මහතා කියා සිටියේය.

මීට අමතරව එවැනි රෝගීන් සිටින පවුල්වල ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා ස්වයංරැකියා ආරම්භ කිරීමට අවශ්‍ය ණය පහසුකම් හා ආධාර ලබාදීමටද සැලසුම් කර ඇතැයිද චන්ද්‍රසේන මහතා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p