වහාම ක්‍රියාත්මක වන පරිදි ප‍්‍රදේශ ගණනාවකට ඇදිරි නීතිය

October 23, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් පොලිස් බල ප්‍රදේශ පහක් සඳහා ඇඳිරි නීතිය පනවා තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ සහ මරදාන පොලිස් බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකය.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල, අලුත්ගම, පයාගල යන පොලිස් බල ප්‍රදේශ සඳහා පනවන ඇදිරි නීතිය එළඹෙන සදුදා දින උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මකය.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කිවේදනය කරයි.

t

o

p