බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල කොළඹට

October 14, 2020

රටේ විවිධ ප‍්‍රදේශ වෙත පැතිර යමින් තිබෙන මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැල්ල කොළඹ නගරයට ද දැඩි බලපෑමක් එල්ල කර තිබිණි.

කොළඹ කොල්ලූපිටියේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ ප‍්‍රධාන ශාඛාවේ හත්දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය ඇතැයි ඊයේ වාර්තා විය.

බ‍්‍රැන්ඩික්ස් ප‍්‍රධාන කාර්යාලයේ සේවය කළ දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි කළමනාකරුවකුට ද මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු අතර ඔහු පසුගිය 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති පොත් ප‍්‍රදර්ශනයට ද ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ජීවත් වූ ව්‍යාපාරික පවුලක බිරිඳට සහ රියැදුරාට වෛරසය ආසාදනය වී එම ව්‍යාපාරිකයා සහ පුත‍්‍රයා රෝග ලක්‍ෂණ පෙන්නුම් කරමින් සිටීම හේතුවෙන් අදාළ නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් බවද ඊයේ වාර්තා විය.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වූ කිහිප දෙනකු කොළඹ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පිහිටි වෙළෙදසල් කිහිපයකට ගොස් ඇති බවට ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය බලධාරීන් විසින් හෙළි කරගෙන තිබීම නිසා ඊයේ පෙරවරුවේ වෙළෙද සල් හයක් තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කෙරිණි.

t

o

p