ගම්පහ දිස්ත්‍රික්කයේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම හා ඊට අදාළ කටයුතු වෙනුවෙන් අමතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 40 දෙනෙකු යෙදවීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 200 දෙනෙකු මේ වනවිට අදාළ කටයුතුවල නිරතව සිටින බවය.