පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමයට ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවයි.