කොරෝනා මඩින්න ජනපති ගෙන් උපදෙස්

October 6, 2020

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය  වෙතින් මගහැරී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වූ බව ජනාධිපතිතුමා කියා සිටී.

t

o

p