මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත පොකුරෙන් ඊයේ දිනයේදී ද ආසාදිතයින් 101 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව දිවුලපිටියේ කාන්තාව සහ ඇයගේ දියණිය ද ඇතුළුව මේ වනවිට එම ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.