අමෙරිකාවට යන්න ග්‍රීන් කාඩ් ලොතරැයිය

October 3, 2014

ශ්‍රී ලංකාව ඇතුළු රටවල උපන් පුද්ගලයින්ට ඇමරිකාවට සංක්‍රමණික වීසා ලබා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව මේ වන විට උදා වී ඈත.මෙහිදී, සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට ඇමරිකාවේ නීත්‍යාණුකූල ස්ථීර නේවාසිකයින් විය හැකිය.

ඒ අනුව ග්‍රීන් කාඩ් ලොතරැයිය යනුවෙන් හඳුන්වන 2016 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහනට 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අයදුම්පත් භාරගන්නා බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

ග්‍රීන් කාඩ් අයදුම් කළ හැකි වන්නේ 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට 2014 නොවැම්බර් 03 වැනිදා දක්වා කාල සීමාවේදී පමණක් වන අතර අයදුම් කළ හැක්කේ එක් වරක් පමණි.

මෙහිදී, අධ්‍යාපනික සහ වැඩ පළපුරුද්ද පිළිබඳ සුදුසුකම් සපුරා තිබිය යුතු අතර අයදුම්පත ලබාදීමෙන් පසුව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය විසින් තහවුරු කිරීමේ අංකයක් ලබාදෙයි.

මෙම වීසා වැඩසටහන පිළිබඳ තොරතුරු www.srilanka.usembassy.gov/visas/ diversity-visa-lottery-program.html යන වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි අතර www.dvlottery.state.govවෙබ් අඩවියට පිවිස මේ සඳහා අයදුම් කළ හැකිය.

2015 මැයි මාසයේ සිට අයදුම්කරුවන්ට www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිසතමන් සම්මුඛ පරීක්ෂණ සඳහා තේරී ඇත්දැයි දැන ගැනීමට හැකි බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p