බුද්ධිමත්, පිරිසිදු නායක රනිල් අපේ ජනාධිපති අපේක්‍ෂකයායි – කරු

October 1, 2014

දෙවරක් අගමැති ලෙස කටයුතු කළ බුද්ධිමත් පිරිසිදු නායකයෙක් එජාපවය සිටින බවත් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් එම පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේද කීය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මේ දිනවල විවිධ ආරංචි පැතිරෙමින් පවතිනවා. මේ යෝජිත ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණ නොවන අතිශයින්ම දේශපාලනීකරණය වූත්, ප්‍රජාතන්ත්‍ර විරෝධී වූත් මැතිවරණයක් බවට පත් වන ලකුණු බැü බැල්මටම පෙනෙන්නට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගිය 25 වැනි දා කොළඹබානිස් ප්‍රදේශයේදී ප්‍රචාරක කාර්යාලයක් විවෘත කළා. එම අවස්ථාවට රටේ ඉහළම වගකීම් දරණ අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක් සහාගිවී සිටියා. එයින් සමහරුන් පරිපාලන සේවයේ පත්වීම් ලාභීන් වන අතර, තවත් සමහර පිරිසක් දේශපාලන පත්වීම් ලැබූ අයයි. රාජ්‍ය සේවයේ පරිපාලන වගකීම් හොබවන එම නිලධාරීන් දේශපාලන වැඩ කටයුතු සඳහා සම්බන්ධවීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. එමෙන්ම සධාචාර විරෝධීයි. දේශපාලන පක්‍ෂයක ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමට එලෙස රාජ්‍ය සේවයේ පරිපාලන නිලධාරීන් සම්බන්ධවීම පැහැදිලිවම නීතිය කඩ කිරීමක් බව ද කිව යුතුයි.

ජාතික සීමා නිර්ණය කිරීමේ කොමිෂමේ සභාපති ජයලත් ර.වි. දිසානායක, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත්, විදුලි සංදේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, වරාය හා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර්. පේ‍ර්මසිරි, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සහ ස්වාධීන් රූපවාහිනි සේවයේ සභාපති අනුර සිරිවර්ධන, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විලීගමගේ සහ මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් මෙන්ම ඔවුන්ට අමතරව තවත් රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් 62 ක් පමණ එම අවස්ථාවට සහභාගීවී තිබුණා.

සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කිසිදු හිරිකිතයකින් තොරව ජනාධිපතිවරණයට යොදා ගැනීමට තමන් සූදානම්ය කියන පණිවුඩය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම තහනම් කොට තිබිය දී අමාත්‍යංශයක පරිපාලන වගකීම් දරණ ප්‍රධාන නිලධාරීන් ඒ ආකාරයට ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතුවලට සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා දරණ අදහස කුමක් දැයි අපි විමසනවා.

එමෙන්ම ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන මේ ගැන දරනු ලබන අදහසක් දැනගැනීමට අප කැමැතියි. මේ අයුතු ක්‍රියා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ සමාජ වගකීමක් ජනමාධ්‍යයට පැවරී තිබෙනවා. මාධ්‍යවේදීන් එම වගකීම නිවැරැදි ලෙස ඉටු කරාවි යන විශ්වාසය අපට තිබෙනවා.

ඉහළ වගකීම් දරණ රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කිසිදු බියකින් සැකයකින් තොරව දේශපාලනය කිරීමට අවශ්‍ය පූර්වාදර්ශය නිර්මාණය කොට දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයායි. ඔහු පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණය අවස්ථාවේ උදය ගම්මන්පිල අපේක්‍ෂකයාගේ කාර්යාලයක් විවෘත කිරීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේදී එය නීති විරෝධී හා සධාචාර විරෝධී ක්‍රියාවක් බව රටේ අති බහුතරයක් ජනතාව මෙන්ම මැතිවරණ කොමසාරිස්වරයාත් පිළිගත්තා. ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවීමට වගබලා ගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා එම අවස්ථාවේදී සඳහන් කළා. එවැනි පසුබිමක මේ සිද්ධිය ගැන මැතිවරණ කොමසාරිස්වරයා පවසන්නේ කුමක් ද යන්න අපි විමසනවා.

ආණ්ඩුවට කඩේ යමින් ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් තමන්ගේ වෘත්තීමය ගරුත්වය පාවා දෙන සියලූම රාජ්‍ය නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් උත්තර දෙන්නට සිදු වන බව මතක තියා ගන්න කියලා අප ඒ අයට මතක් කරනවා. මේ රජය යටතේ නීතිය හරියට කරන්න ගිහින් අසාධාරණයට ලක්වූ නිලධාරීන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ සිටිමින් දේශපාලනය කරන සහ ඔවුන්ට බැල මෙහෙවරකම් කරන ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ ලෑයිස්තුවක් අප සතුව තිබෙනවා.

අපි ජනාධිපතිවරයාට ප්‍රකාශ කරන්නේ පුළුවන්නම් නිදහස් සහ සාධාරණ වූ සම පසුබිමක ජනාධිපතිවරණය පවත් වන ලෙසයි. එක් ඉරක සිට ජනාධිපතිවරණ ධාවන තරගය දුවන්න එන්න කියලා අපි ජනාධිපතිවරයාට අභියෝග කරනවා. එසේ නොමැතිව ඉරෙන් ඉස්සරහ සිට රේස් එක දුවන්න සූදානම් වෙන්න එපා කියලත් අපි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට මතක් කරනවා.

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලැබෙන්නේ දින 30 ක පමණ කෙටි කාලයක් පමණක් බවට ආරංචි පැතිරවෙමින් තිබෙනවා. ජනාධිපතිවරණය වැනි ඉහළ වැදගත් කමක් තිබෙන ජාතික මැතිවරණයකදී ප්‍රචාරක වැඩ කටයුතු සඳහා ජනතාව දැනුම්වත් කිරීමට ලැබෙන්නේ එවැනි කෙටි කාලයක් නම් එතැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාවටත් රටටත් වැඩ කොට තිබේ නම් මැතිවරණවලට ආණ්ඩුව මෙතරම් බය ඇයි ද කියලා අපි විමසනවා.

නීති විරෝධී වැඩ ආණ්ඩුව උඣීව පළාත් සභා මැතිවරණයේදීත් දිගින් දිගටම සිදු කළා. සිල් රෙද්දේ සිට බෙදන්න පුළුවන් සෑම භාණ්ඩයක්ම බෙදමින් ජනතාවගේ ඡන්දය කොල්ල කෑමට කටයුතු කළා. ඒ සියල්ල අසාර්ථක වන බව හැඟුණු නිසා අන්තිම ප්‍රහාරය ලෙස නියන් සහනාධාරය ලෙස ලබා දුන්නා. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩත්වය මුදාහැරියා. නමුත් ඒ සියල්ල හමුවේ නොසැලෙමින් උඣීවේ ජනතාව ආණ්ඩුවට නිසි පිළිතුරු ලබා දුන්නා. උඣීව මැතිවරණයේදී ආණ්ඩුව බරපතල විදිහට පසුබෑමකට ලක් වූයේ එම නිසයි.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂ පාක්‍ෂිකයින්ටත් අපේ මන්ත්‍රීවරුන්ටත් එරෙහිව සූක්‍ෂම වූ වැඩ පිළිවෙළක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනවා. උඣීව පළාත් සභා මැතිවරණ දිනයේදී බණ්ඩාරවෙල නගරාධිපති චමින්ද විජේසිරි මහතාට බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය තුළදීම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් පහර දුන්නා. එම පැමිණිල්ල පිළිබඳවත් පරික්‍ෂණයක් සිදු නොකොළ අතර ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

අද මේ රටේ තිබෙන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට එක් නීතියක් සහ විපක්‍ෂයේ ක්‍රියාකාරීන්ට තවත් නීතියක් බව බැü බැල්මටම පෙනෙනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පස්ස ගැහුවත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව පොලිසිය ඉතාමත් කාර්යක්‍ෂම ලෙස කටයුතු කරනවා. සිදුවීමක් සිදු වුණ සැණින් ඔවුන් අත්අඩංගුවට ගන්නවා. පසුගිය දවසක පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. එමෙන්ම ඔහුගේ හෝටලයට වෙඩි ප්‍රහාර රැසක් ද එල්ල කළා. ඒවා සිදු කරන්නේ කවුද කියන කාරණය ඉතා පැහැදිලියි. ඒ නිසා තරා තිරම නොබලා නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන ලෙස අපි නැවත වතාවක් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි ජනාධිපතිවරණය මේ රටේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් වනවා. මොනතරම් බලය අයුතු ලෙස උපයෝගී කර ගත්තත් ජනතා බලයට යටවීමට ආණ්ඩුවට අනිවාර්යෙන්ම සිදුවනවා යැයි ද කරු ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– UNP media

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p