නිවා දැමූ ඉන්ධන නැවේ යලිත් ගිනි ඇවිලේ

September 8, 2020

අම්පාර ආසන්න නැගෙනහිර මුහුදේ ඇති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ නැවතත් ගිනි ඇවිළී තිබේ.

නාවික හමුදාව සදහන් කරන්නේ ඉන්දීය සාදරයේ මේ වන විට ඇති වී තිබෙන සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගිනි ඇවිලීම සිදුව ඇති බවයි.

මේ අතර MT නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සාගර පද්ධතියට හානි සිදුවී ඇතිද යන්න සොයා බැලීම සඳහා නීතිපතිවරයාගේ  උපදෙස් අනුව ඉකුත් දා පත් කෙරුණු කමිටුවේ සාමාජිකයින් අද පෙරවරු 06.00 ට පමණ නෞකාව ආසන්නයට ළගාවී තිබෙනවා. 

t

o

p