දුෂ්කර ගම්මාන සදහා කුඩා පාලම් 4,000ක්

September 2, 2020

ඉතා දුෂ්කර ගම්මානවල ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම, දෙස් විදෙස් සංචාරක කර්මාන්තය දියුණු කරලීම හා ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීම පිණිස වැල්පාලම් හා ඒ දඩු පාලම් සදහා කුඩා පාලම් 4,000 ක් ඉදිකිරීම සදහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

 මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගියාද(31) පැවති සාකච්ජාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

t

o

p