හලාවත කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ පිරිසක් PCR පරීක්ෂාවට

August 28, 2020

ඩුබායි සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගත් බංගදෙණිය ප‍්‍රදේශයේ කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව පුත්තලම දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු පවසනවා.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ අහඹු ලෙස සිදු කෙරෙන PCR පරීක්ෂණ වැඩි කිරීමට ද කටයුතු යොදා ඇති බවයි වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

හලාවත රෝහලේදී මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.

t

o

p