පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කෙරේ

August 27, 2020

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන එහි සභාපතිවරයා වන අතර නියෝජ්‍ය කථානායක ගරු රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය කාරකසභා සභාපති ගරු අංගජන් රාමනාදන්, සභානායක සහ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන, විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂමන් කිරිඇල්ල, යන මන්ත්‍රීවරුන් නිල බලයෙන් එහි සාමාජිකයෝ වෙති.

ඔවුනට අමතරව චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, මහාචාර්ය ජී.ඇල් පීරිස්, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, ප්‍රසන්න රණතුංග, මහින්ද සමරසිංහ, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, රිෂාඩ් බදියුදීන්, ආර්.එම්.රංජිත් මද්දුමබණ්ඩාර, මනෝ ගනේෂන්, ඒම්.ඒ.සුමන්තිරන්, අලි සබ්රි රහීම් යන මන්ත්‍රීවරුන් එහි සෙසු සාමාජිකයෝ වෙති.

t

o

p